දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී කුරිරු ත‍්‍රස්තවාදය හමාර කළ අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයේ වත්මන් අභියෝගය වී ඇත්තේ රට සංවර්ධනය කිරීමයි. මේ වන විට ලෝකයේ ධනවාදී රටවල් ආර්ථික අර්බුදයකට ලක්වී ඇති පසුබිමක් තුළ 2012 වසර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයවැය ලේඛනය ඉදිරිපත් කර ඇත්තේ රටේ සෑම ජන කොටසකටම සහන සැලසෙන පරිදි හා ආර්ථිකයේ සෑම අංශයකම ඵලදායීතාව වර්ධනය කිරීම ඉලක්ක කොට ගත් ප‍්‍රායෝගික යෝජනා ඇතුළත් වන ආකාරයටය.
මෑත ඉතිහාසයේ කිසි දිනෙක අත්පත් කර ගැනීමට නොහැකි ආර්ථික වර්ධන වේගයක් ඉදිරියටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය මෙම අයවැය යෝජනා තුළින් ලබා දී ඇත. කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, අපනයන කර්මාන්ත, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා ඇති කරමින් ආර්ථිකය පුළුල් වීමටත්, ආයෝජකයන්ට වැඩි ඉඩකඩ ලබා දෙමින් සෘජු හා වක‍්‍ර ලෙස රැුකියා උත්පාදන මාර්ග ඇති කරමින් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය කරන උපාය මාර්ග මෙම අයවැය තුළ අන්තර්ගත වී තිබේ. විශේෂයෙන් නිෂ්පාදකයන්ට බදු සහන සහ මූල්‍ය පහසුකම් සලසා දීමත්, රාජ්‍ය සංස්ථා සේවකයින්ට වැටුප් වැඩි වීම් ලබා දෙමින් විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවයන් දුරලමින් ද, වැඩිහිටි සුභසාධනය සලසමින් ද, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා සහන වැඩි කරමින් ද, රණවිරු මව්පියන්ට හා ආබාධිත රණවිරුවන්ට සහන සලසමින් ද, ළමා හා කාන්තා සුභ සාධනය ඇති කරමින් ද, අති දුෂ්කර ගම්මාන හා ආගමික ස්ථාන සංවර්ධනය කරමින්ද, ධීවර හා පශු සම්පත් සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කරමින් ද, සෞඛ්‍ය හා ද්විතියික හා උසස් අධ්‍යාපනික ක්ෂේත‍්‍රවල මෙතෙක් පැවති අඩුපාඩු සපුරමින්ද, නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශ සංවර්ධනය කරමින්, ප‍්‍රධාන පොදු ජන අවශ්‍යතාව වන පානීය ජලය ලබා දීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙල තව දුරටත් ඉදිරියට ගෙන යාම, අවශ්‍ය ආයෝජන දිරි ගැන්වීම් කිරීම මෙම අයවැය තුළින් විද්‍යමාන වේ.
එමෙන්ම පෞරාණික සංස්කෘතික වටිනාකම් යළි මතු කරමින් වසර හත්සියයක් පැරණි අති පූජනීය අස්ගිරි මහා විහාරය ප‍්‍රතිසංස්කරණය කිරීමට මිලියන 100ක මුදලක් වැය කිරීමට මෙම අයවැය තුළ ඇස්තමේන්තු කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව යෝජනා කොට ඇති, ශ‍්‍රී ලංකාව පංචබල කේන්ද්‍රයක් ලෙස ගොඩ නැඟීමේ අදහස ප‍්‍රායෝගික වැඩ පිළිවෙලක් බවට පත් කිරීමේ උපාය මාර්ග මෙම අයවැය තුළින් දැකීමට පුළුවන. සමස්තයක් ලෙස ගෙන බලන කල මෙවර අයවැය ලේඛනය තුළින් ආර්ථිකය පණ ගැන්වෙන සහ රැුකියා උත්පාදනය සිදු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
කරුණාතිලක දිසානායක
ප‍්‍රධාන ලේකම්
මහජන එක්සත් පෙරමුණ
.